(තරංග ගුණරත්න)
වැලිගම ජඹුරගොඩ මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පැවැත්වෙන අතරතුරදී අද (24) පාසලට පැමිණි තරුණයන් පිරිසක් සිදුකළ පහරදීමකින් එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
යතුරුපැදි හතරකින් පැමිණි තරුණයන් පිරිසක් විද්‍යාලයට පැමිණ පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකුට පොලුවලින් සිදුකළ පහරදීමක් නිසා තුවාල ලබා ඇති බව පවසමින් එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ ශිෂ්‍යයා ප්‍රතිකාර සඳහා වැලිගම වලාන දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
පහරදීමට පැමිණි බව කියන තරුණයන් පිරිස කෝදාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර පහර දීමට පැමිණි බව කියන එක් සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදිවලින් පැමිණි තරුණයෝ පිරිසක් සිසුවෙකුට පහරදෙති
kanthi Thursday, 24 January 2019 07:15 PM
මොවුන්ව පාසලේදීම අල්ලලා පොලිසියට භාර දෙන්නයි තිබුණේ