(ඩයනා උදයංගනී)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි. ඕ.සී) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වඩා වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීම හේතුවෙන් එහි ඉන්ධන අලෙවිය සියයට 75කින් පමණ පහළ බැස ඇති බව එම සමාගමේ පිරවුම්හල් හිමියන් අනාවරණය කර තිබේ.
ඒ හේතුවෙන් තම ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් මතුවී ඇති බැවින් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා එකම මිලට ඉන්ධන අලෙවි කරන ක‍්‍රමවේදයක් ඇතිකරන්නැයි ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙහි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය අද (24) හමුවී මෙම ඉල්ලීම කර ඇත.
මේ වන විට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වඩා රුපියල් 8ක් පමණ වැඩි මිලකට වන අතර ඒ හේතුවෙන් තම පිරවුම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයින් සංඛ්‍යාව අඩුවී ඇතැයි ඔවුන් මෙහිදී නියෝජ්‍ය ඇමතිවරියට පවසා ඇත.
මේ හේතුවෙන් එම සමාගම යටතේ සේවය කරන 4000ක පමණ සේවක පිරිසක් දැඩි මූල්‍ය පරිහානියකට පත්ව ඇති බවත්, තම ව්‍යාපාරයට බැංකුවලින් ණය ලබාදීම පවා සීමාවී ඇති බවත් ඔවුන් පවසා තිබේ.
මෙම ක‍්‍රියා කලාපය හරහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර 2003 වසරේදී ඇතිකරගත් ගිවිසුම හා 2008 සංශෝධිත ගිවිසුම ද උල්ලංඝනය වෙමින් පවතින බව ඔවුන් පවසා ඇත.
ඔවුන් මෙම තත්ත්වය මගහැරවීම සඳහා යෝජනා මාලාවක් ද නියෝජ්‍ය අමාත්‍යවරිය වෙත භාරදුන් බව නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ප‍්‍රධානීන් සහ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර මෙම ගැටලූවට විසඳුමක් ලබාදීමට උත්සාහ කරන බව මෙහිදී අනෝමා ගමගේ මහත්මිය පිරවුම්හල් හිමියන්ට පොරොන්දු වී ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අයි. ඕ.සී ඉන්ධන අලෙවිය සියයට 75කින් පහළට
Ratnamalala Friday, 25 January 2019 12:11 AM
ඉන්දියන් තෙල් සමාගම පාඩු ලැබුවට අපට අමාරුවක් නැහැ. මෙයාලට රට දාල යන තැනට පත්කරන්න සියලු වාහන වලට ලංකා තෙල්ම පාවිච්චි කරමු.
lankaputha Friday, 25 January 2019 04:31 AM
සේවකයන් කොහොමද ආර්ථික දුෂ්කරතාවයන්ට පත්වන්නේ? පඩි ගෙවල නැද්ද? හොරකමට ඉඩ නැද්ද?
SAGA Friday, 25 January 2019 05:12 AM
මිල 2 ක් මොකද එකම ඉන්දන වර්ගයකට. පලකයෝ ඉන්දියාවට බයද අපිව උන්ට සුරකන්න දීල තියෙන්නේ.