(ජුඩ් සමන්ත)
මුහුදේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ ආරච්චිකට්ටුව - කුඩා වෛරන්කට්ටුව පදිංචිව සිටි මනෝජ් පාරිස් (අවු:45) නමැති එක්දරු පියෙකි.
ඊයේ (25) රාත්‍රීයේ මෙම අනතුර සිදුවී ඇත.
මියගිය තැනැත්තා ආරච්චිකට්ටුව - වෛරන්කට්ටුව ප්‍රදේශයේදී කලපුවේ ඉස්සන් අල්ලා ඇති බවත්, පසුව ඔහු දිය නෑම සදහා මුහුදට ගොස් ඇති බවත් විමර්ශණ වලදී හෙලිවී ඇත. දිය නාමින් සිටියදී එක්වරම රළ පහරකට හසුවී ගසා ගෙන ගොස් ඇත. පසුව ප්‍රදේශයේ ධීවරයින් විසින් ඔහුව සොයා ගෙන ඇති නමුත් ඒ වන විටත් මිය ගොස් තිබිණි.
මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම නියමිතව ඇති අතර ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd