(බිඟුන් මේනක ගමගේ)
අන්තර්ජාතික දින සැමරුම් යොදා ගනිමින් ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ගැන පුරවැසියන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
‘ සියල්ලන් ඇතුළත් ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් ’ යන ඔස්සේ මෙම වැඩපිළිවෙළ සකස් කරන්නේ යැයි ද අදාළ දිනවලට සම්බන්ධ රාජ්‍ය ආයතන හා ඒකාබද්ධව එය ක්‍රියාවට නගන්නේ යැයි ද දේශප්‍රිය මහතා කීය.
පුරවැසි කැමැත්ත හෙවත් ඡන්ද බලය මත පාලකයන් පත්කර ගැනීමේ වැදගත්කමත් යහපත් හැඟීම් ඇතිකිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ හැකියාවත් මූලික කරගෙන මැතිවරණ කොමිසම මෙම කාර්ය ආරම්භ කළේ යැයි ද සභාපතිවරයා අවධාරණය කර කීය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වූ පළමු වටයේ දැනුම්වත් කිරීම් පාසල් සිසුන් ඉලක්ක කරගෙන ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි දේශප්‍රිය මහතා පැවසීය.
ඒ සඳහා වූ වැඩපිළිවෙළ සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරන්නේ යැයි ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද අයිතිය ගැන කොමිසමෙන් වැඩසටහන්