IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිම වැටීමෙන් සිදු වූ මරණය ඝාතනයක්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

 
             
නිවසෙහි බිම වැටී අසාධ්‍ය තත්වයට පත්ව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය කාන්තාවකගේ මරණය ගෙල සිර කිරීමකින් වූවක් බව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වී ඇතැයි මාරාවිල පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ නාත්තණ්ඩිය තබ්බෝව දුන්කන්නාව ප්‍රදේශයේ විසූ 61 හැවිරිදි එක්දරු මවක වන මුතුකුඩ ආරච්චිගේ රුක්මණි දේවි මල්ලිකා නමැති අයයි. 
 
ඇය තනිවම දිය නිවසෙහි වාසය කර ඇති අතර ඊයේ (28) ඇගේ පුතු ඇගේ සුව දුක් බැලීමට පැමිණි අවස්ථාවේ දී ඇය බිම වැටි අසාධ්‍යය තත්ත්වයක පසුවු බැවින් වහාම ඇයව මාරාවිල රෝහලට ඇතුළත් කර ඇත. එහිදී ඇය මිය ගොස් ඇත. 
 
ඒ සම්බන්ධ මරණ පරීක්ෂණ කටයුතු මරණ පරීක්ෂිකා ශ්‍රියානි වලිසිංහ මහත්මිය විසින් සිදු කෙරිණි.
 
පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. එච්. ජේ. එන්. කුලරත්න මහතා වාර්තා කළේ මෙම මරණය ගෙල සිරකිරීමෙන් සිදුවු බවයි.
 
ඉන් පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(29) මාරාවිල රෝහලේ දී පැවැත්වේ. 
 
මාරාවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 
 



අදහස් (0)

බිම වැටීමෙන් සිදු වූ මරණය ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site