නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු හා ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (28) නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් මගින් ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එලාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.
එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් පසුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත බාරදීමට නියමිතය.
මෙම වසරේ දි මෙවැනි නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සමඟින් ට්‍රෝලර් යාත්‍රා 04 ක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
කෙසේ නමුත් මේ ආකාරයෙන් දේශ සීමා උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල සිදු කරන අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීමටත්, දේශිය ධිවරයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අල්ලනවා හෙට නිදහස් කරනවා. ඒ අයගේ කැඩිච්ච බෝට්ටු ටිකත් හදලාම බාරදෙනවා. අනේ මෙහෙමත් ආණ්ඩු.. මහ ලොකු උජාරුවට නිදහස් දිනය පවත්වනවා !