(ඔගස්ටින් ප්‍රනාන්දු)
තහනම නොතකා දැදුරු ඔයෙන් වැලි කියුබ් දෙකක් ගොඩ දමා ප්‍රවාහනය කිරිමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයකුට හලාවත මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා රුපියල් ලක්ෂ විස්සක දඩ සමඟ වසරක සිර දඩුවමක් අද (24) නියම කළේය.
මෙසේ දඩුවම් නියම වුයේ දැදුරු ඔය ආසන්නයේ පැරණි වතුර ටැංකිය පාරේ පදිංචි වර්ණකුලසුරිය සුමිත් රුවන් රොහාන් ( 26 ) නමැති අයටය.
දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමීම ප්‍රවාහනය කිරිම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් කර තිබියදී මේ වසරේ ජනවාරි මස 13 වන දින දැදුරු ඔයෙන් ගොඩ දැමු වැලි කියුබ් දෙකක් ලොරියක ප්‍ප්‍රවාහනය කරමින් සිටියදී හලාවත පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අදිකරණයට ආපගේ ප්‍රණාමය. රට විනාශ කරන මෙවන් සැමටම ගරු අදිකරණයේ තීන්දුව කියවීමට හැකි වේවා!!!
අධිකරණ තීන්දුවට ආචාරය..... ප්‍රවාහනය කළ වාහනයත් රාජසන්තක කරන්න