(හසිත රංග ගුණතිලක)
මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6100ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු හා පශු සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම පිළිබඳ කෘෂිකර්ම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අද(23) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
අනුරාධපුර, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල මේ වනවිටත් අස්වැන්න නෙළමින් පවතින අතර රජය විසින් ගොවීන්ගෙන් වී කිලෝවක් සඳහා නාඩු රුපියල් 38කටද සම්බා රුපියල් 41කටද මිලදී ගැනීමට තීරණය කර ඇති බවද හැරිසන් මහතා කීය.
එක් ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 2000ක් පමණ මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර ගොවීන්ගෙන් මිලදීගන්නා වී ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් විධිමත් කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට පැවසීය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ කන්නයේ වී මිලදී ගැනීමට මිලියන 6100ක් වෙන්කෙරේ