ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 05 ක් යළි එරට එරට බාර දීම සිදුකෙරිණි.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ට්‍රෝලර් යාත්‍රා 5 ක් බාරදීම සිදුවිය.
මෙම ට්‍රෝලර් යාත්‍රා කරෛයිනගර්, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ ජැටියෙහි නැංගුරම් ලා තිබිණි.
එම ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඒ අනුව, එම ට්‍රෝලර් ධීවර යාත්‍රාවන්හි අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් පසුව එරට බලා පිටත්විය.
එම ට්‍රෝලර් ධීවර යාත්‍රා බාරදීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් ද එක්වූහ.
ඒ අනුව, ඔවුන් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘අමේයා’ නෞකාව වෙත බාර දීමට කටයුතු කෙරිණි.
(28535)
(ඡායාරූප නාවික හමුදා මාධ්‍ය අංශය)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd