(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ තාවකාලික භාණ්ඩ හුවමාරු මෙහෙයුම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පැවැත්විණි.
මෙම මෙහෙයුම යටතේ ජාත්‍යන්තර මුහුදේ නවතා තිබෙන යු.එස්.එස්. ජෝන් සී ස්ටෙනිස් නෞකාව වෙත භාණ්ඩ හුවමාරු කරන ලදි.
බහරෙනයේ සිට පැමිණි එක්සත් ජනපදයට අයත් ගුවන් යානයකින් එම භාණ්ඩ තොගය රැගෙන එන ලද අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවතා තිබූ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ වී.සී.ආර්. 30, “ද ප්‍රවයිඩර්ස්” භට කණ්ඩායමට අයත් කුඩා ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකකින් එම භාණ්ඩ තොගය රැගෙන යන ලදි.
එම යානා දෙක අදාළ භාණ්ඩ තොගය රැගෙන ජාත්‍යන්තර මුහුදේ නවතා තිබෙන යු.එස්.එස්. ජෝන් සී ස්ටෙනිස් නෞකාව වෙත ගමන් කළේය.
මෙම භාණ්ඩ තොගයට නාවිකයන්ට ලැබුණු පෞද්ගලික ලිපි, කඩදාසි ද්‍රව්‍ය, අමතර කොටස්, මෙවලම් යනාදිය ඇතුළත් බවත් නැව් භාණ්ඩ, යුද උපකරණ යනාදි කිසිවක් මීට ඇතුළත් නැති බවත් තාවකාලික භාණ්ඩ හුවමාරු වැඩසටහනෙන් පසු මෙහෙයුමට සහභාගී වන කිසිවකුත් ශ්‍රී ලංකාවේ රැඳී නොසිටින බවත් කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේය.
මේ අතර මෙම තාවකාලික භාණ්ඩ හුවමාරු මෙහෙයුමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට රුපියල් මිලියන 25ක මුදලක් ලැබෙන බව ද තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කළේය.




2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකානු නාවික හමුදාවේ භාණ්ඩ හුවමාරු මෙහෙයුම් කටුනායක දී