IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ජීවී කුරුල්ලන් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )
 
                  
ජීවී කුරුල්ලන් 57 දෙනෙකු නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මොහු හලාවත මාරවිල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සුරතල් සතුන් අලෙවි කිරීමේ ව්‍යාපාරිකයෙකි.
 
ඔහු විසින් ගෙන විත් තිබූ ගමන් මලු කීපයක වූ ප්ලාස්ටික් කුරුළු කූඩු තුළ බහා, මෙම රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ජීවී කුරුල්ලන් තොගය රැගෙන විත් තිබිණි.
 
එම කූඩු තුළ සන් කෝනර් වර්ගයේ එක් කුරුලෙක් ද , ෆැසිපික් වර්ගයේ කුරුල්ලන් 20 ක් ද , ටර්කසින් වර්ගයේ කුරුල්ලන් 02 ක් ද , රෙඩ් ලෝරි වර්ගයේ කුරුල්ලන් 12 ක්  සහ ග්‍රීන් චීක්ස් වර්ගයේ කුරුල්ලන් 22 ක් ද සිට තිබේ.  
 
මෙසේ කුරුල්ලන් රැගෙන ඒම මගින් ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන මෙන්ම සත්ව නීරෝධනායන පනතේ විධිවිධාන ද උල්ලංඝණය කර ඇතැයි රේගුව පවසයි.


 



අදහස් (1)

ජීවී කුරුල්ලන් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට

sam Thursday, 24 January 2019 06:04 AM

මීට පෙර වතාවකදී කළා වාගේ මේ සතුන් සත්ත්ව උද්‍යානයට භාර දෙන්න. එවිට සත්ත්ව උද්‍යානයේ එම සතුන්ව බලා ගැනීමට පහසුකම් නැති බව පවසා, ඔවුන් ආනයනය කල තැනැත්තාටම නැවත භාර දේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32037 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14500 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11238 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 290 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site