(ටී.කේ.ජී.කපිල )
ජීවී කුරුල්ලන් 57 දෙනෙකු නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු හලාවත මාරවිල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සුරතල් සතුන් අලෙවි කිරීමේ ව්‍යාපාරිකයෙකි.
ඔහු විසින් ගෙන විත් තිබූ ගමන් මලු කීපයක වූ ප්ලාස්ටික් කුරුළු කූඩු තුළ බහා, මෙම රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ජීවී කුරුල්ලන් තොගය රැගෙන විත් තිබිණි.
එම කූඩු තුළ සන් කෝනර් වර්ගයේ එක් කුරුලෙක් ද , ෆැසිපික් වර්ගයේ කුරුල්ලන් 20 ක් ද , ටර්කසින් වර්ගයේ කුරුල්ලන් 02 ක් ද , රෙඩ් ලෝරි වර්ගයේ කුරුල්ලන් 12 ක් සහ ග්‍රීන් චීක්ස් වර්ගයේ කුරුල්ලන් 22 ක් ද සිට තිබේ.
මෙසේ කුරුල්ලන් රැගෙන ඒම මගින් ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන මෙන්ම සත්ව නීරෝධනායන පනතේ විධිවිධාන ද උල්ලංඝණය කර ඇතැයි රේගුව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පෙර වතාවකදී කළා වාගේ මේ සතුන් සත්ත්ව උද්‍යානයට භාර දෙන්න. එවිට සත්ත්ව උද්‍යානයේ එම සතුන්ව බලා ගැනීමට පහසුකම් නැති බව පවසා, ඔවුන් ආනයනය කල තැනැත්තාටම නැවත භාර දේවි.