(ඉන්දික අරුණ කුමාර)
සේනා දළඹු විශේෂය නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද ආක්‍රමණය කර ඇතැයි ගොවිහු කියති.
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගාකර ඇති ස්වයංජාත වී විශේෂයට මෙම දළඹුවාගේ වැඩි බලපෑම් එල්ල වී ඇති තිබේ.
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැත්තෑව, නිකුල හා බිබිල ග්‍රාම නිලධාරි වසම් වලට ද සේනා දළඹු විශේෂය පැතිර ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් කියා සිටියාය.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පැතිර යන සේනා දළඹු වසංගතය සම්බන්ධයෙන් ගොවින් රැසක් කියා සිටියේ කරවිල, දඹල, බෝංචි මෙන්ම පිපිඤ්ඤා වැනි වගාවන්ට ද හානි සිදුවෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් සේනා දළඹු විශේෂය මර්දනය සම්බන්ධයෙන් විවිධ ක්‍රමෝපායන් හදුන්වා දෙමින් ගොවින් දැන්වත් කිරිමේ කටයුතු ගොවිජන සේවා නිලධාරි මාර්ගයෙන් මේ වන විට ආරම්භ කර ඇති බව ද අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd