(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතෙන් සොයා ගත් විශලාතම එතනොල් තොගය වාර්තා කරමින් යාපනය චුන්නාගම් අලවෙඩ්ඩි ප්‍රදේශයේදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් එතනෝල් ලීටර් 7400 කට අධික ප්‍රමාණයක් ගබඩා කර තිබියදී සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ඒ බව පොලිස් විශේෂ කාර්ය බළකායට දැනුම් දීමෙන් පසුව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අලවෙඩ්ඩි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමදී අදාළ එතනෝල් තොගය අබලන් ලොරියකට දමා ගබඩා කර තිබියදී සොයාගෙන ඇත.
එහිදී ලොරිය තුල ගබඩා කොට තිබි එතනෝල් ලීටර් 20 කෑන් 371 ක් හමු වී ඇති අතර අදාළ එතනෝල් ගබඩාව පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු ද ලොරිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ සිට එතනොල් කලක සිට බෙදාහැර ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට තොරතුරු අනාවරණය වී ඇත.
අද (24) දින සවස අත්අඩංගුවට ගත් එතනෝල් තොගය යාපනයේ සිට පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් විසින් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙතට රැගෙන වීත් බාර දීමේ කටයුතු සිදු කෙරෙන අතර අදාළ එතනොල් ගබඩාව පවත්වාගෙන ගිය සෙසු සැකකරුවන් පිළිබඳවද පරීක්ෂණයක් අරඹා ඇත.
උතුරු පලාතෙන් එතනොල් මෙතරම් ප්‍රමාණයක් හසු වූ පළමු අවස්ථාව මෙය වන අතර මුහුදු මාර්ගයෙන් මෙලෙස ගෙනවිත් වෙනත් ප්‍රදේශ වෙතරට ප්‍රවාහනය කිරීමට සැලසුමක් ඇති බවට සැකකරන බවටද පරික්ෂණ සිදු කරන පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලු වැඩිදුරටත් කියා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ දේශ සීමා උල්ලංඝණය කරමින් කරන ධීවර කර්මාන්තය සහ ලංකා නාවික හමුදාවට එල්ලවන දකුණු ඉන්දීය ධීවරයින්ගේ විරෝධය මෙවැනි නීති විරෝධී ද්‍රව්‍යන් ශ්‍රී ලංකාවට රහසේ ගෙනෙමටද කියා සැකයි.