(නිමල කොඩිතුවක්කු)
ජාතික ශිල්ප සභාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් “ශිල්ප සුරක්ෂා” නමින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
මෙම රක්ෂණ ක්‍රමය 2019 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක අතර මෙහි පළමු අදියරේදී හස්ත කර්මාන්ත ශිල්පීන් 5,000ක පිරිසකට රක්ෂණාවරණය පිරිනැමෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ භාර අරමුදල, පීපල්ස් ඉන්ෂූවරන්ස් ලිමිටඩ් යන ආයතනවලින් මෙම රක්ෂණාවරණය ලබාදීමට යොජනා වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
2019 වසරේදි ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 70කි.
“ශිල්ප සුරක්ෂා”රක්ෂණාවරණය ලබා ගන්නා හස්ත කර්මාන්ත ශිල්පීන්ට හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම, ශරීර අංග අහිමිවීම, පූර්ණ අකර්මන්‍යතාවයට පත්වීම යන හේතු සඳහා රුපියල් ලක්ෂ පහක් බැගින් වූ වන්දියක්ද ස්වාභාවික මරණයකදී ලක්ෂයක්ද, රෝහල් ගතවීමකදී දිනකට රුපියල් 2500 බැගින් දින 10ක් සඳහා වියදම ද ඇතුලු තවත් රෝග හා අනතුරු සඳහා රක්ෂණ වන්දි පිරිනැමීමට නියමිතය.
දිවයින පුරා හස්ත කර්මාන්ත ශිල්පීන් අධික සංඛ්‍යාවක් සිටින අතර ඉන් 28,000ක් පමණ පිරිසක් ජාතික ශිල්ප සභාවේ හස්ත කර්මාන්ත ශිල්පීන් ලෙස ලියාපදිංචි වී සිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක්