(ජේ. කේ. එල්. චාමින්ද)
පිටිගල බොරළුහේන ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලය කොල්ලකා පලා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.
අදාළ කාන්තාව නිවසේ සිටියදී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා කාන්තාවගේ ගෙල බැදි රන්මාලය කඩාගෙන පලා ගොස් ඇත.
පොලිසියට මේ පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව මොවුන් පසු පස හඹා ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ එක් කොල්ලකරුවකු කොල්ලකනු ලැබු රන් මාලය ගිල තිබේ.
පසුව පොලිසිය විසින් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව සැකකරු කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කර බඩ විරේක කර ගිලනු ලැබු රන්මාලය සොයාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd