(ජේ. කේ. එල්. චාමින්ද)
පිටිගල බොරළුහේන ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලය කොල්ලකා පලා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.
අදාළ කාන්තාව නිවසේ සිටියදී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා කාන්තාවගේ ගෙල බැදි රන්මාලය කඩාගෙන පලා ගොස් ඇත.
පොලිසියට මේ පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව මොවුන් පසු පස හඹා ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ එක් කොල්ලකරුවකු කොල්ලකනු ලැබු රන් මාලය ගිල තිබේ.
පසුව පොලිසිය විසින් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව සැකකරු කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කර බඩ විරේක කර ගිලනු ලැබු රන්මාලය සොයාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රන්මාලයක් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට