IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


නිදන් හැරූ අටක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ. ජයකොඩි)

නිට්ටඹුව මීවල ප‍්‍රදේශයේ ඉඩමක නිධානයක් ගැනීමේ අරමුණින් කැනීම් සිදු කළ බව කියන  පුද්ගලයින් අට දෙනෙකු ඒ සඳහා යොදාගත් ආයුධ , පූජා භාණ්ඩ ,මෝටර් රථයක් , ත‍්‍රී රෝද රථයක් සහ යතුරු පැදි දෙකක් සමඟ අද (23)  අත්අඩංගුවට ගත් බව  විරගුල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කලගෙඩිහේන, ගොරකාදෙනිය ,විදියවත්ත සහ රත්නපුර යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

යක්කල වීදියවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් අක්කර හතක ඉඩමක් බලා ගැනීම සඳහා නිට්ටඹුව කලගෙඩිහේන ප‍්‍රදේශයේ පුද්ගයෙකුට භාර දී ඇති අතර මෙම ඉඩමේ නිදන් ඇති බවට අනාවරණය වීමෙන් පසු මෙසේ නිදන් සෙවීමට තැත් කර ඇති බව මූලික විමර්ශනවලදී හෙලිවී තිබේ.

නිධන් හෑරීම සඳහා යොදාගත් මෙම ඉඩමේ පැරණි නිවසක යැයි සිතිය හැකි නටබුන් ඉතිරිව ඇති අතර අදාල ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක්දැයි වාර්ථාවක් ලබා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂාවටද කල්කිරීමට නියමිතය.

සැකකරුවන් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට හෙට (24) ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (0)

නිදන් හැරූ අටක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32037 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14500 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11238 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 290 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site