(ඩී. ජී. සුගතපාල)
වැලිගම තානායම අසළදී යතුරුපැදියක ගමන් ගත් විදේශිකයකු පෞද්ගලික බස් රථයක හැපිමෙන් මියගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි යුක්රේන ජාතිකයෙකි.
මියගිය අය වැලිගම සිට ගාල්ල දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ හැපී ඇති අතර බරපතල තුවාල ලැබු ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd