(තරිඳු ජයවර්ධන)
තමන් අත්තනෝමතික ලෙස ස්ථාන මරු කරමින් දේශපාලන පළිගැනීම් සිදු වන බව කියමින් හම්බන්තොට මහලේවායේ ලංකා ලුණු සමාගමේ සේවකයන් පිරිසක් කළ විරෝධතාවක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට පිරිසක් තර්ජනය කර ඇතැයි කියමින් ඒ මහතා හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
අද පැවැති මෙම විරෝධතාවය පොදුජන පෙරමුණට අනුබද්ද සේවකයන් පිරිසක් විසින් පවත්වා ඇති අතර එම විරෝධතාවයට එරෙහි වූ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් මාධ්‍යවේදියාට පහර දීමට තැත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ඔහුට තර්ජනය කරමින් පහර දීමට උත්සාහ දරා ඇති බවත්, විරෝධතාකරුවන් පහරදීමට නොදී මාධ්‍යවේදියා ආරක්ෂා කර ඇති බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වෙතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
හම්බන්තොට මූලස්ථාන පොලිසියේ සීඅයිබී(1) 392/228 අංකයෙන් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා පැමිණිල්ල කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී මාධ්‍යවේදියා මෙසේ කීවේය.
‘‘හම්බන්තොට ලේවායේ විරෝධතාවක් තිබ්බා. එය තිබ්බේ ලේවාය ඉදිරිපිට මාර්ගයේ. එම විරෝධතාවය ආවරණය කිරීමට මම ගියා. විරෝධතාවය ආරම්භ වෙද්දී තවත් පිරිසක් හූ කියන්න පටන් ගත්තා. ඔවුන් හූ කිව්වේ විරෝධතා දක්වපු පිරිසට එරෙහිවයි. ඉන් අනතුරුව ඒ හූ කියපු පිරිස කිව්වා සේවකයන්ගේ විරෝධතාවය වාර්තා කරන්න එපා කියලා. මම දිගට වීඩියෝ කරද්දි ඔවුන් මට තර්ජනය කරමින්, බනිමින් පහර දෙන්න උත්සාහ කළා. විරෝධතාවයේ සිටි පිරිස මාව බේරුවා. මේ සම්බන්ධයෙන් මම පොලිසියට පැමිණිල්ලක් කළා.‘‘ යැයි ඔහු කීවේය.
මාධ්‍යවේදියාට තර්ජනය කර පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් හා ඔහුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව හම්බන්තොට පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.



2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විරෝධතාවය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදියාට තර්ජන