(ප්‍රින්ස් රත්නායක)
රටපුරා ව්‍යාප්ත වී ඇති සේනා දළඹු වසංගතය මර්දනය කිරීමට ශ්රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨ ආචාර්යවරු පිරිසක් එක්ව සිටිති.
ඒ සම්බන්ධයෙන් කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා මෙසේ පැවසීය.
"සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉල්ලීමක් තිබුණා. මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නට විශ්වවිද්‍යාලය ලෙස අපේ මැදිහත් වීමක් තිබිය යුතු නිසා 22 වැනිදා අපි සාකච්ඡාවකට එක්වුණා.
බළන්ගොඩ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ හා චන්දන සිරිවර්ධන හා විශ්වවිද්‍යාල ආචාර්යවරු එක්ව කුමන පියවර ගත යුතුද මෙම වසංගතය වැළැක්වීම යන්න පිළිබඳව සාකච්ඡාවට බඳුන් කළා. "
මෙහිදී කාරණා ගණනාවක් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් හඳුනා ගෙන ඒ පිළිබඳ වාර්තාවක් අද(23) වැනිදා ආණ්ඩුකාරවරයාට බාර දීමට නියමිතය.
මෙම කණ්ඩායමට කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි, ආචාර්ය මංජුල සුමිත් මාගමගේ, ආචාර්ය කපිල දිසානායක, ආචාර්ය ජේ.ඩී.බී.අරුණ පී.කුමාර ඇතුළත් විද්වත් කණ්ඩායමකින් සමන්විත විය.
" ඒ අනුව මූලිකව සිදුකළ යුත්තේ පැතිරීම වැළැක්වීම මෙහිදී පොළවල් ආශ්‍රිතව දැනුවත් කිරීම හා ඇති පළාත් වලින් නැති පළාත්වලට පැතිරීම වැළැක්වීම හා පැතිරී ඇති වගාවන් සම්පූර්ණයෙන් විනාශ කිරීම. මෙයට වල්නාශක 3 ක් මූලිකව හඳුනාගෙන තියනවා. කෙටිකාලීන පියවරයන් අපි ක්‍රියාත්මක කරනවා මැදි හා දිගුකාලීන පියවරයන් ආණ්ඩුකාර දැනුම් දෙනවා.
එක් පියවරක් ලෙස දළඹුවා ව්‍යාප්තවීම පාලනය කිරීමට වෙළඳපොළවල් පරීක්ෂා කර ව්‍යාප්තවීම වැළැක්වීමට පියවර යෙදිය යුතුයි ඒ සම්බන්ධයෙන් වෙළෙන්දුන් දැනුවත් කරමින් අදාළ පත්‍රිකා බෙදා දී තමන් එළවළු පළා පළතුරු බඩඉරිඟු වැනි බෝග මිලදී ගන්නා ගොවීන් දැනුවත් කිරීම මූලිකව සිදු කරමින් පාලනය කළ යුතුයි. හම්බෙගමුව තණමල්විල වැනි ප්‍රදේශයන්හි මෙය දැඩිලෙස ව්‍යාප්ත වී තිබෙනවා” යනුවෙන් පැවසීය.


2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේනා මඩින්න සබරගමුව සරසවි කෘෂි විද්‍යාපීඨ ආචාර්යවරු එක්වෙති
ලක්ෂ්මන් Saturday, 02 February 2019 04:39 AM
මේ රටේ යල හා මහ කියා කන්න දෙකකට වගාකිරීම් කල අතීත ගොවියා නියමිත කාලයකට අනුව වගා කිරීම් කලත් (පැරැන්නන් බිනර මහ කලුවරට හෙන් වපුරන්න කටයුතු කලා) නමුත් වර්ථමානයේ ඉඩකඩ ඇති විටෙක වගාවට යොමුවන බවක් තියෙනවා. පැරණි ගොවියන් මේ කාලයේ පණුවන් ඇතිවෙනවා, මේ කාලයේ වැස්ස ලැබෙනවා කියා දැනගෙන වගා වැඩ කලා නමුත් දැන් දැන් එහෙම දේ පිළිගන්න කිසිවෙක් සූදානම් නැහැ. ඒ නිසා අතීසාරෙට අමුඩ ගහන්නේ නැතිව මේ රටේ අනාධිමත් කාලයක සිට තිබුන අත්දැකීම් සොයා බලා ඒ අනුව ගොවියන් දැනුවත් කිරීමට පර්යේෂණ කරන්න.