(චන්ද්‍රසේනගමගේ)
කුඩාවැල්ල ධීවර වරාය තුළදී පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කර තවත් 07 දෙනෙකුට තුවාල සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැක කරුවෙකු තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ලිඅත්ත නැගෙනහිර නාකුළුගමුවේ පදිංචි තිස් තුන් හැවිරිදි අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙවන ඇතැයි පොලීසිය කියයි.
අත් අඩංගුවට පත් සැක කරු සමග ඔහු සන්තකයේ තිබී මි.මී. 09 වර්ගයේ රිවොල්වරයක්ද ඊට යොදන ජීව උන්ඩ 08 ක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
තුවක්කු කරුවන් පැමිණි යතුරු පැදිය පදවා ගෙන පැමිණ තිබෙන්නේ අත් අඩංගුවට පත් සැක කරු බව පොලීසිය පවසයි.
සැක කරු අද (20) දින තංගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd