(මස්කෙළිය -ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් අද (19) පෙරවරු 11.00 ට පමණ හදිසියේම රෝගාතුර වී මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ශ්‍රීපාද මළුව ආසන්නයේ දී මෙසේ මිය ගොස් ඇත්තේ පොල්ගස්ඕවිට පාසැල් මාවතේ පදිංචිව සිටි 46 හැවිරිදි කේ. කේ .චන්ද්‍රිකා නැමැති දෙදරු මවකි .
මියගිය කාන්තාවගේ මෘතශරීරය මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව නල්ලතන්නිය පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd