(අශෝක තිලකරත්න සහ අනීෂා මානගේ)
කලවැල්වල හන්දියේදී අද (18) යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ශිෂ්‍යයෙකු සහ තරුණයෙකු මියගොස් ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ඩබ්ලිව්.කෞෂල්‍ය නැමති 15 හැවිරිදි ශිෂ්‍යයා සහ එන්.ඒ හර්ෂණ නැමති 22 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කියයි.
මිය ගිය දෙදෙනාගේ මල සිරුරු අඟුණකොළපැලැස්ස දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර අඟුණකොළපැලැස්ස පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd