( නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇත.
එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය නො-43,1/1 බෝධිරාජ මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ස්ථානයේ පිහිටා තිබේ.
ඒ අනුව මැතිවරණ කල්දැමීමට එරෙහිව කටයුතු කරමින් කඩිනමින් මැතිවරණයක් දිනාගැනීමට මැදිහත්වීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ ප‍්‍රමුඛ අරමුණ වී තිබේ. එ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවද පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු කීය.
එමෙන්ම වත්මන් රජය යටතේ සිදුකරන දේශපාලන පළිගැනීම් වලට එරෙහිව ක‍්‍රියාත්මක වීම සහ නීතිමය උපදෙස් ලබාදීමටද මෙම මධ්‍යස්ථානය හරහා මැදිහත්වීම් සිදුකරන බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොට්ටුවෙන් සාධාරණ මැතිවරණයක් සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක්