(මොහොමඩ් ආසික්)
අපවත් වී වදාළ උඩරට අමරපුර නිකායේ අනුනායක හරංකහව හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙන් අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත අති පූජ්‍ය අත්තරගම වජිරජෝතී මහ නා හිමියන්ගේ දේහය පිළිබඳව වූ ආදාහන පූජෝත්සවය අද (19) සවස හරංකහව හෙනේගම සංඝානන්ද පිරිවෙනේදී පැවැත්විණ. ආදාහන කටයුතු අලවත්තේගම කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
මෙම ආදාහන පූජෝත්සවයට සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ, මලවතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ, අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝද, මහා සංඝරත්නය ඇතුළු දහස් ගණනක් දායක පිරිසක් සහභාගි වූහ.
රාජකීය පණ්ඩිත අති පූජ්‍ය අත්තරගම වජිරජෝතී මහ නා හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද ශෝක පණිවිඩය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එරික් වීරවර්ධන මහතා කියැවීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද ශෝක පණිවිඩය රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා කියැවීය. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එවන ලද ශෝක පණිවිඩය හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා කියැවීය.




2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වජිරජෝති අනුනාහිමි ආදාහන පූජෝත්සවය හේනේගමදී