IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කිලිනොච්චියේ වෙළෙඳසැලක් ගින්නෙන් මුළුමනින්ම විනාශයි

(රොමේෂ් මධුෂංක )        

                            
කිලිනොච්චිය පොදු වෙළඳසැළ භූමියේ තිබූ රසකැවිලි හා පලතුරු විකුණු වෙළඳසැළක ඇතිවූ ගින්නකින් වෙළෙඳසැල මුළුමනින්ම විනාශවී ඇති බව කිලිනොච්චිය පොලිසිය  පවසයි.

ගින්නෙන් වෙළඳසැළේ තිබු භාණ්ඩ විනාශ වි ඇති අතර, ගින්නට හේතු‍ව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති බව පොලීසිය සඳහන් කරයි.

ගින්න සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම පොලීසිය හා කරච්චි ප්‍රාදේශීය සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළද ඒ විටත් වෙළඳසැල තුල තිබූ සියල්ලක්ම විනාශවී ගොස් තිබූ බවඑ පොලීසිය පැවසීය.

එම ගින්න විදුලි කාන්දුවකින් හටගන්නට ඇති බවට සැක පළ කරන බව කරච්චි ප්‍රාදේශීය සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. ඊයේ (17) රාත්‍රීයේදී  මෙම ගින්න හටගෙන තිබේ.

 


 



අදහස් (0)

කිලිනොච්චියේ වෙළෙඳසැලක් ගින්නෙන් මුළුමනින්ම විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32024 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14478 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11231 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 30 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 289 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1233 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site