(ක.ගකරුණාරත්න)
ශ්‍රී ලංකා යුද හමුදාවේ වනගත සටන් පුහුණු වලදී පරිහරණය සඳහා අවශ්‍ය පිසූ ආහාර නිශ්පාදනාගාරයක් අද (18) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතින් පොලොන්නරුවේ වැලිකන්ද කාන්දකඩුවේ පිහිටි යුද හමුදා ගොවිපලේදී විවෘත කෙරිණි.
යුද්ධ හමුදා ඉතිහාසයේ මෙතෙක් කාලයක් මේ පිසූ ආහාර විදේශ රටවලින් ආනයනය කරනු ලැබූ බවත් ඒ වෙනුවෙන් වැය කරන ලද විශාල මුදල් ප්‍රමාණයක රට තුල රඳවා ගැනීමට හැකි වනු ඇතැයි යුද හමුදාපතිවරයා කීය.
රට තුල ඇති වන ගංවතුර, නාය යෑම් වැනි ආපදා අවස්ථාවලදී පිසූ ආහාර බඳුන් ඒ පීඩාවට පත් වන ජනතාවට ලබාදීමට හැකි වෙතැයිද යුද හමුදාපතිවරයා ප්‍රකාෂ කළේය.
පිසූ ආහාර නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට යුද හමුදාවේ ආරක්ෂ සේන නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර,යුද හමුදා වේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු රැසක් සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි.
හමුදාවෙන් යම් දෙයක් කලොත් එය සදාතනිකයි, පලදායිතාවයෙන් උපරිමයි. .අනෙක් උදවියත් මෙය ආදර්ශයට ගනු ඇතැයි සිතමි.