(ක.ගකරුණාරත්න)
ශ්‍රී ලංකා යුද හමුදාවේ වනගත සටන් පුහුණු වලදී පරිහරණය සඳහා අවශ්‍ය පිසූ ආහාර නිශ්පාදනාගාරයක් අද (18) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතින් පොලොන්නරුවේ වැලිකන්ද කාන්දකඩුවේ පිහිටි යුද හමුදා ගොවිපලේදී විවෘත කෙරිණි.
යුද්ධ හමුදා ඉතිහාසයේ මෙතෙක් කාලයක් මේ පිසූ ආහාර විදේශ රටවලින් ආනයනය කරනු ලැබූ බවත් ඒ වෙනුවෙන් වැය කරන ලද විශාල මුදල් ප්‍රමාණයක රට තුල රඳවා ගැනීමට හැකි වනු ඇතැයි යුද හමුදාපතිවරයා කීය.
රට තුල ඇති වන ගංවතුර, නාය යෑම් වැනි ආපදා අවස්ථාවලදී පිසූ ආහාර බඳුන් ඒ පීඩාවට පත් වන ජනතාවට ලබාදීමට හැකි වෙතැයිද යුද හමුදාපතිවරයා ප්‍රකාෂ කළේය.
පිසූ ආහාර නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට යුද හමුදාවේ ආරක්ෂ සේන නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර,යුද හමුදා වේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු රැසක් සහභාගී වූහ.



2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාට අවශ්‍ය පිසූ ආහාර නිෂ්පාදනාගාරයක් විවෘත කෙරේ
chandima Saturday, 19 January 2019 12:13 AM
ඒක හොඳයි.
isurandi Saturday, 19 January 2019 08:07 AM
හමුදාවෙන් යම් දෙයක් කලොත් එය සදාතනිකයි, පලදායිතාවයෙන් උපරිමයි. .අනෙක් උදවියත් මෙය ආදර්ශයට ගනු ඇතැයි සිතමි.