IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සොරකමේ රැසකට සම්බන්ධ පුද්ගලයන් 2ක් භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට

(අනීෂා මානගේ)

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි උපකරණ අළෙවිසැල් වලට ඇතුළු වී අධික වටිනාකමින් යුත් භාණ්ඩ සොරකම් කළ දෙදෙනෙක් සොරා ගත් භාණ්ඩ තොගයක් සහ සොරකමේ යෙදීමට උපයොගී කරගත් යැයි කියන මෝටර් රථයක් සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා වීරකැටිය හකුරුවෙල හීන්මුන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සොරකම් කරන ලද්දේ යැයි කියන අඟල් 43, 40, 32 ප්‍රමාණ වල රූපවාහිණි යන්ත්‍ර දෙකක්, ලැප්ටොප් යන්ත්‍ර තුනක්, ඩීවීඩී යන්ත්‍රයක්,  වායුසමීකරණ යන්ත්‍ර දෙකක්, ඔයිල් කෑන් තොගයක්, ජංගම දුරකතන දෙකක් සැකකරුවන්ගේ නිවෙස් වල තිබී පොලිස් සොයාගත් බව පොලිසිය කීය

සොරකමේ යෙදීමට උපයෝගී කරගත් මෝටර් රථයද පොලිස් බාරයට ගෙන ඇති අතර සොරකම් කරන ලද්දේ යැයි කියන අනෙකුත් භාණ්ඩ සොයා පොලිස් පරීක්ෂණ සිදුකරන අතර මෙයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ සිදුකරති.

 



අදහස් (0)

සොරකමේ රැසකට සම්බන්ධ පුද්ගලයන් 2ක් භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site