(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පාසල් දරුවන් ඉලක්ක කරගෙන තැරැව්කරුවන් යොදා ගනිමින් මත් පෙති අලෙවි කළ දේශීය වෛද්‍යවරයෙකු බව කියන පුද්ගලයකු විවිධ වර්ගයේ මත්පෙති තොගයක් සමඟ අද (15) පස්යාල වීරසූරිය කන්ද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වීරගුල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පස්යාල වීරසූරිය කන්ද ප‍්‍රදේශයේ වසර ගණනාවක සිට වෛද්‍යවරයෙකු වශයෙන් පෙනී සිටිමින් වෛද්‍ය කටයුතු වල නිරත වී ඇති බවත් ඔහු මීරිගම හේනේපොල පදිංචිකරුවකු වන බවත් පොලිසිය කියයි.
මීට සතියකට පමණ පෙර පාසල් වියේ පසුවන දරුවන් හත් දෙනෙකු කුරුවමුල්ල ප‍්‍රදේශයේ මත්වී වැටී සිටින බවට වීරගුල පොලිසියට ලත් තොරතුරක් අනුව එම ලමයින් පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්න කර ඇත. ඔවුන් කිසියම් මත් පෙති වර්ගයක් පානය කර ඇති බව හෙලිවීමෙන් අනතුරුව ඔවුන්ගේ ලේ හා මුත‍්‍රා සාම්පල් ලබාගෙන ඇති පොලිාසිය ඒවා රස පරීක්ෂක වෙත යොමු කර ඇත.
මත්පෙති 28 ක් හා හෙරොයින් මිලි ග‍්‍රෑම් 2750 සමඟ කිරිවැද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් මෙම මත් පෙති බෙදා හරින වෛද්‍ය මධ්‍යස්ථානය පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇත.
ඒ අනුව පොලිසිය උපාය දූතයකු යොදවා කළ වැටලීමේදී මෙම මත් පෙති තොගය හමුවී තිබේ. තවත් මත් පෙති තොගයක් සැකකරු පදිංචි නිවසේ තිබී සෙයා ගත් බව පොලිසිය කියයි.



2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් පෙති අලෙවි කළ දේශීය වෛද්‍යවරයෙකු අත්අඩංගුවට
asiri Wednesday, 16 January 2019 03:44 AM
මෙයාටම මේ ඔක්කොම පෙව්වා නම් හරි....