(ඉන්දික අරුණ කුමාර)
විල්ගමුව පොලිස් වසමට අයත් මැදකන්ද හංදිය ආසන්නයේ දී ත‍්‍රි රෝද රථයක් ගසක වැදීමෙන් එහි ගමන් ගත් රියදුරු මියගිය බව පොලිසිය කියයි.
අද (16) අලුයම ත‍්‍රි රෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී පොලිසිය හෙළි කරගෙන තිබේ.
මිය ගොස් ඇත්තේ මල්ගම්මන,මාරක,විල්ගමුව ලිපිනයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ අමුණුහේන ගෙදර රත්නායක බණ්ඩා (38) නැමැති පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ විල්ගමුව පොලිසිය සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd