(හසිත රංග ගුණතිලක)
බඩ ඉරිඟු සහ උක් වගාවේ ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා අද(16) සිට මේ මස 31 වැනිදා දක්වා සති දෙකක ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
එම වැඩපිළිවෙළ යටතේ සේනා දළඹුවාගෙන් වන හානිය අවම කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යෙදීම සහ ස්වාභාවික කටයුතු සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
හැරිසන් මහතා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අද(16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
සේනා දළඹුවා මේ වනවිට අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක 7ක ව්‍යාප්තව ඇති බව කී අමාත්‍යවරයා මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා එම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්, කෘෂිකර්ම නිලධාරීන්, කෘෂි පීඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සම්බන්ධ කරගන්නා බවද කීවේය.
සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ගොවි ජනතාව තවමත් දැනුවත් වී නොමැති බවද කෘෂි බෝග හානිය මර්දනය කිරීම සඳහා ගොවීන් දැනුවත් වුවහොත් ඉදිරියේදී දළඹුවාගෙන් වගාවන්ට වන හානිය අවම කර ගත හැකි බවද හෙතෙම කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සේනා මර්දනයට ජාතික වැඩපිළිවෙළක්