IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අධිවේගී මඟේදී ව්‍යාපාරිකයා පැහැරගත් තිදෙනා රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යමින් සිටියදී  දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට  ගත් පුද්ගලයින් තිදෙනා  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  22 වැනි දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(16) නියෝග කළේය.

සැකකරුවන් තිදෙනා හංවැල්ල සහ රණාල පදිංචිකරුවෝ වෙති.

අහංගම නගරයේ බෑග් ව්‍යාපාරිකයෙකු ඊයේ (15) සවස මෝටර් රථයකින් පැහැරගෙන යමින් සිටියදී ඉමදුව පොලිස් මුර පොළේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අහංගම පොලිසිය වෙත බාරදි තිබිණි.

අහංගම දෙස සිට පැමිණි මෝටර් රථයක් ඉමදුව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට ඇතුලු කිරිමට උත්සාහකල අවස්ථාවේ එහි පොලිස් මුරපොලේ රාජකාරියේ සිටි නිලධාරින් විසින් සැකපිට මෝටර් රථය පරික්ෂා කිරිමේදි අනාවරණයවි ඇත්තේ පුද්ගලයෙකු පැහැර ගෙන යමින් සිටින බවය.

ඒ අනුව මෝටර් රථය සහ සැකකරුවන් තිදෙනාද පැහැරගැනිමට ලක්වු ව්‍යාපාරිකයාද අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අහංගම පොලිසියට බාරදි තිබිණි.

පරීක්ෂණවලදී අනාවරණයවි ඇත්තේ මෙම පැහැරගැනීම මුදල් ආරවුලක් මත සිදුව ඇති බවය. 
 



අදහස් (0)

අධිවේගී මඟේදී ව්‍යාපාරිකයා පැහැරගත් තිදෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 78 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site