(කේ. බුද්ධික කුමාරසිරි)
පාදුක්ක - කොළඹ මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේ දී සිදුවු අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ බිලිඳා මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
බීමත් රියදුරෙකු පැද වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
තුවාල ලැබු කාන්තාව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ එක් කකුලක් බිඳී ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මීගොඩ දාම්පේ සමනල උයන ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඉමෙත් දම්සර බටගොඩ නමැති මාස දෙක හාමාරක බිලිදෙකි.
අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරු දැඩි ලෙස බීමත්ව සිටි බවත් එම මෝටර් රථයෙහි තිරිංග පද්ධතිය ද නිසි ආකාරයෙන් කි‍්‍රයා නොකරන බවත් අනාවරණය විය.
සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වටරැක අනතුරින් බිලිඳා මියයයි