IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


යතුරුපැදි - බවුසර් - බස් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට

(ක. ග. කරුණාරත්න)

 
පොළොන්නරුව - අරලගංවිල ප්‍රධාන මාර්ගයේ දිඹුලාගලදී අද (15) උදෑසන තරුණයෝ තිදෙනෙකු රැගත් යතුරුපැදියක් සිමෙන්ති මිශ්‍රණ බවුසරයක හා පෞද්ගලික බස්රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් එක් අයකු බරපතළ ලෙස තුවාල ලබා ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.     

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇත.     

රිය අනතුරින් මියගොස් ඇත්තේ දිඹුලාගල, දලුළුකාන ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.     

යතුරුපැදිය අනතුරට පත්කර  නොනවත්වා රිය ධාවනය කර පලාගොස් ඇති සිමෙන්ති මිශ්‍රණ බවුසරයේ රියැදුරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භකර ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි. 

පෞද්ගලික බස්රථයේ රියැදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.     

 අරලගංවිල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

යතුරුපැදි - බවුසර් - බස් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32018 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14468 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 27 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 287 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1231 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site