(අශෝක තිලකරත්න)
විවිධ ප්‍රදේශවල වෙළඳසැල්වලට ඇතුළු වී දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙකු සහ ‘සිඟිති කලුවා’ නැමැත්තෙකු වීරකැටිය- හීන්බුන්නේදී තංගල්ල අපරාධ කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් කොස්තාපල්වරයා වීරකැටිය පොලිසියට අනියුක්තව සේවය කරන්නෙකු බව හෙළි වී ඇත.
සැකකරුවන් ගලේවල, කිරිබත්ගොඩ, බේරුවල, කඳාන සහ ජාඇල ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳසැල්වලට ඇතුළු වී දේපළ සොරකම් කිරීමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (14) සවස මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd