IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


අ’පුර නගර සබේ කමිටු 6 ක සාමාජිකයන් රහස් ඡන්දයෙන් පත්කරයි

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම වරට රහස් ඡන්දයකින් ස්ථාවර කමිටු හයක් සඳහා සාමාජිකයන් පත්කර ගැනීම අද (11) සිදුවිය.

මහ නගර සභා ආඥා පනතේ අතුරු ව්‍යවස්ථාව ප්‍රකාරව නගර සභාවේ මහජන නියෝජිතයන් 29 දෙනෙකුගේ රහස් ඡන්දයෙන් ස්ථාවර කමිටු හයක් සඳහා මෙලෙස සාමාජිකයන් පත්කර ගැනීම සිදුවිය.

අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ තීරණය පරිදි ප්‍රථම වතාවට කමිටු සාමාජිකයන් තෝරා පත්කර ගැනීමට මෙලෙස රහස් ඡන්දයක් පැවැත්විණි.

මීට පෙර මෙම ව්‍යවස්ථා කමිටු සඳහා වැඩි පිරිසක් පාලක පක්ෂයට හිමිවුවද මෙවර බහුතර කමිටු සාමාජිකත්වයක් විපක්ෂයටද හිමිවිම මෙහි විශේෂත්වයකි.

මෙම ප්‍රජාත්‍රන්වාදී ක්‍රියාදාමය අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා ද ආදර්ශයක් බව මේ පිළිබඳව අදහස් දක්වමින් පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු මෙහිදී පැවසුහ.



අදහස් (0)

අ’පුර නගර සබේ කමිටු 6 ක සාමාජිකයන් රහස් ඡන්දයෙන් පත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32013 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14465 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 26 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 286 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site