(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් අද(10) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
දින නියමයක් නොමැතිව වසා දමා ඇති රජරට විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත් පංති තහනම කරනු ලැබ සිටින සිසුන්ගේ පංති තහනම වහා ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටිමින් මෙම සිසුහු විරෝධතාවේ යෙදුණහ.
පංති තහනම් කර ඇති විශ්ව විද්‍යාල සිසුන්ගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටීම හේතුවෙන් විශ්ව වද්‍යාල පාලක සභාව විසින් විශ්ව විද්‍යාලය දින නියමක් නොමැතිව වසා දමා තිබේ.
විශ්වවිද්‍යාලයේ ආචාර්යවරැන්ගේ හිඟය පියවන ලෙසත් ආපන ශාලා පහසුකම් සහ වෙනත් පොදු පහසුකම් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රජරට සරසවි සිසුහු උද්ඝෝෂණයක