(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් අද(10) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
දින නියමයක් නොමැතිව වසා දමා ඇති රජරට විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත් පංති තහනම කරනු ලැබ සිටින සිසුන්ගේ පංති තහනම වහා ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටිමින් මෙම සිසුහු විරෝධතාවේ යෙදුණහ.
පංති තහනම් කර ඇති විශ්ව විද්‍යාල සිසුන්ගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටීම හේතුවෙන් විශ්ව වද්‍යාල පාලක සභාව විසින් විශ්ව විද්‍යාලය දින නියමක් නොමැතිව වසා දමා තිබේ.
විශ්වවිද්‍යාලයේ ආචාර්යවරැන්ගේ හිඟය පියවන ලෙසත් ආපන ශාලා පහසුකම් සහ වෙනත් පොදු පහසුකම් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd