(කුෂාන් ජයවර්ධන)
බඳින තුවක්කුවක් පත්තු වීමෙන් කැකිරාවේ තරුණයකු මිය ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීහු අද (02) සිදුකළහ.
මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව ඇලගමුව මුරුංගාහිටිකන්ද පල්ලෙහි ගුර ලිපනයේ පදිංචි මධුර ධනුෂ්ක ජයවර්ධන නමැති 28 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කියයි.
අතුරුදන්ව සිටි ගවයෙකු සෙවීම සඳහා මිය ගිය තරුණයා තවත් අයෙකු සමඟ මුරුංගාහිටි කන්ද හීන්නේ කන්ද රක්ෂිතයට ගිය අවස්ථාවේ මෙම වෙඩි වැදීමට ලක්ව ඇතැයි පැවැසේ.
වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ එම තරුණයා ප‍්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.
තරුණයාට මරු කැඳවූ තුවක්කුව අටවා තිබූ ස්ථානය හා එම බඳින තුවක්කුව අද (02) කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය. එම ස්ථානයට පැමිණ අනුරාධපුර පොලිස් සොකෝ ඒකකයේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකළහ.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඳින තුවක්කුවක් පත්තු වී තරුණයකු මරුට