IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුත්තලම වගාබිම්වල සේනා දළඹු හානිය පාලනය කෙරේ

(ජයරත්න වික්‍රමාරච්චි)
 
පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයට අයත් පුත්තලම, වනාතවිල්ලුව, මදුරන්කුලිය යන ප්‍රදේශවල අක්කර 25 ක පමණ බඩඉරිඟු වගාබිම්වල ව්‍යාප්තව තිබූ සේනා දළඹු හානිය සාර්ථකව පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත් බව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
 
මෙම බඩඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන්  හානි වී ඇතැයි පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තා වූ බවත් ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් යොදවා ගොවීන් හා කෘෂි ක්ෂේත්‍ර නිලධාරීන් දැනුම්වත් කිරීමේ  වැඩසටහන් කිහිපයක් පැවැත්වූ බවත් එම කාර්යාලය පවසයි.
 
මෙහිදී හානියට පත්ව තිබූ ගොවි බිම්  සඳහා 50%ක රජයේ දායකත්වය යටතේ කෘමිනාශක ලබා දී ඒවා ඉසීමට ද පියවර ගත් බවත් එබැවින් සේනා දළඹු හානිය පාලනය කළ හැකි වූ බවත් පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වැඩිදුරටත් පවසයි.

වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරීහු, පුත්තලම කලාපීය කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයේ නිලධාරීහු සහ  ගොවීහු පිරිසක් මීට එක්වූහ.



අදහස් (0)

පුත්තලම වගාබිම්වල සේනා දළඹු හානිය පාලනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site