(කවිතා සුබසිංහ)
රුපියල් 2, 850, 000ක් පමණ වටිනා වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු ජා ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.
මෙම සැකකරුවන් පසුගිය 26වැනිදා කුලී ගමනක් යන මුවාවෙන් ප්‍රවාහන පහසුකම් සපයන ආයනයක මෝටර් රථයකට නැග ගිනි අවි පෙන්වා රියදුරු බිය ගන්වා ඔහුට පහර දී මාකවිට වෙල්යායකට ගෙන ගොස් දමා මෝටර් රථය කොල්ල කා තිබිණි.
සැකකරුවන් රාගම, ජාඇල හා කඳාන යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 27ත් 35ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
ප්‍රධාන සැකකරු භාවිත කළ ව්‍යාජ හැඳුනුම් පත, අපරාධය සඳහා යොදාගත් ජංගම දුරකථන, ලියාපදිංචි අංක තහඩු ගැලවූ කොල්ල කෑ මෝටර් රථය, එම වාහනයේ ලියාපදිංචි අංක තහඩුව, ගල් කටස් වර්ගයේ ගිනි අවියක් හා පතොරම් කිහිපයක් සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයා ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අතර යුද හමුදාවෙන් පලා ගිය අයකු ද වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ විසිඅටක මෝටර් රථයක් කොල්ල කෑ 7ක් අත්අඩංගුවට