(සිතුම් චතුරංග)
වවුනියාව පුලියංකුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් පිරිසක් සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලෙහි තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ හතරක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බව පුලියංකුලම පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයා පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට උත්සහ කරන අවස්ථාවේ පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.
පොලිස් බුද්ධි අංශ නිලධාරින් පිරිසකට සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ ලැබුණ තොරතුරක් මත පුලියංකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී සැකකරු රැගෙන ආ ගමන් මල්ලෙහි තිබී මෙම අත්බෝම්බ හා පිස්තෝලය සොයාගත් ගෙන ඇත.
සැකකරුගේ ගමන් මල්ලෙහි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයට යොදන ජීව උණ්ඩ 18ක් , එම පිස්තෝලයේ පතුරම් ගැබක්, මාලිමා යන්ත‍්‍රයක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ජංගම දුරකථන උපාංග , මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඇඟ ගල්වන ක‍්‍රීම් වර්ග, පිස්තෝල සඳහා යොදන ලිහිසි තෙල් , දත්බෙහෙත් ඇතුළු උපකරණ රාශියක් සොයා ගත් බව පොලිසිය කීය.
ආයුධ රැගෙන ආ සැකකරු කිසියම් අපරාධයක් සඳහා සූදානමින් පුපුරණ ද්‍රව්‍ය හා පිස්තෝල රැගෙන පැමිණෙන්නට ඇති බවට සැක පලකරන බවත් ගමන් මල්ලෙහි තිබූ පුපුරණ ද්‍රව්‍ය හා උපකරණ පරීක්ෂා කිරීමේදී ගිනි අවි සඳහා පුහුණුව ලැබූ අයකු බව පොලිසිය සඳහන් කරයි.



2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශයේ නිෂ්පාදිත අත්බෝම්බ 4 ක් සොයා ගනී