(චන්ද්‍ර සේන ගමගේ)
තංගල්ල දංකැටිය සුසාන භූමිය මාර්ගයේ පිහිටි නිවසක අද (2) දහවල් ගින්නක් ඇති වී තිබුණු අතර ගින්නෙන් නිවසට දැඩි හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.
ගින්න හට ගන්නා අවස්ථාවේ දී නිවැසියන් නිවසේ සිට නැති බව අනාවරණය වී තිබේ.
තංගල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකයත් නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායත් තංගල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරීහු පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න නිවා දැමූ හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd