(සිරංගිකා ලොකුකරවිට)
හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ ඉදි කරන ලද ‘ගාල්ල දිස්ත්‍රික් කීට විද්‍යාගාරය‘ අද (03) දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා විසින් විවෘත කරන ලදී.
දකුණු පළාත් සභාව හා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රතිපාදන මත මෙම කීට විද්‍යාගාරය ඉදිකර ඇත.
මෙම අවස්ථාවට දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී. හසිත තිසේරා මහතා, මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් නිලධාරීහු රැසක් එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd