IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් සිසුන් යොදවා මත්කුඩු ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

පාසල් සිසුන් යොදා ගෙන  විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරු ක්‍රමය යටතේ මුදල් ගෙවා හෙරොයින් මත්කුඩු ගෙන්වා ගැනීමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයෙකු මාතර නූපේ ප්‍රදේශයේ දී සැක පිට  අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

එම සැකකරු මාර්ගය අයිනේ රැදී සිටිමින් පාරේ යන පාසල් සිසුන්ගෙන් උදවු ඉල්ලන මුවාවෙන් මෙම ජාවාරම කර ගෙන ගොස් තිබේ.

සිසුන් මගින්ම මුදල් යවා කුඩු සගවා තබන තැනද ඔවුන් මගින්ම අසා ගෙන මෙම ජාවාරම සිදු කර ඇත.

ඒ ආකාරයට විද්‍යුත් ක්‍රමයට මුදල් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වු මාතර නගරයේ පාසලක 16 හැවිරිදි සිසුවකු ද පොලීසිය භාරයට ගෙන තිබේ.

ඔහු නොදැනුවත්කම මත උදවුවක් කිරීමේ සද්භාවයෙන් ඒ සදහා ඉදිරිපත්ව තිබු නිසා එම සිසුවාට අවවාද කර දෙමාපියන් වෙත භාර දීමට පොලීසිය ක්‍රියා කළේය.

තවද ඒ ආකාරයට ගෙන්වා ගත් හෙරෝයින් මත්කුඩු මිලි ග්රෑම් 570 ක් අඩංගු පැකැට්ටුවක් ද සැකකරු සන්තකයේ තිබී පොලීසිය සොයා ගන්නා ලදි.

මෙවැනි සූක්ෂම ජාවාරම් වලට තවත් පාසල් සිසුන් ගොදුරු විය හැකි බැවින් තම දරුවන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස පොලීසීය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

මාතර වෙලේගොඩ පදිංචි 24 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (0)

පාසල් සිසුන් යොදවා මත්කුඩු ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site