(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්වවිද්‍යාලයේ පවතින වත්මන් අර්බුදය විසඳීම සඳහා සාකච්ඡා කිරීමට මේ මස 11 වැනි දින පාලක සභාව කැඳවා ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා අද (03) පැවසීය.
රජරට විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පසුගිය 31 වැනි දින විශ්‍රාම යාමේ හේතුවෙන් පුරප්පාඩුව පැවති උපකුලපති තනතුර සඳහා ආචාර්ය ආනන්ද කරැණාරත්න මහතා පත්කොට තිබූ අතර අද (03) දින සිය ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.
රජරට විශ්ව විද්‍යාලය වසා දැමීම සහ සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ රැඳි සිටීම සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුට පිළිතුරු දුන් ආචාර්ය ආනන්ද කුලරත්න මහතා මෙසේද පැවසීය.
"විශ්වවිද්‍යාලයේ පංති තහනම් කොට ඇති සිසුන් සම්බන්ධයෙන් සාධාරණ තින්දුවක් ගැනීමට විශ්වවිද්‍යාලයේ පිඨාධිපතිවරු,ආචාර්ය මණ්ඩලය,විධායක නිලධාරීන් සමගත් අද (03) සාකච්ඡා කළා. සිසුන්ගේ පංති තහනම් කොට ඇත්තේ පාලක සභාව මගින් ගත් තීරණයක් පරිදියි. එසේම පංති තහනම ඉවත් කිරීමේ තීරණයත් ගත යුත්තේ පාලක සභාව මගින්මයි. පරිපාලන ගොඩනැගිල්ලෙන් සිසුන් ඉවත් වුනොත් විශ්වවිද්‍යාලය හෙට වුනත් විවෘත කළ හැකියි."
විශ්ව විද්‍යාලය වසා දැමීම නිසා නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ බාධාවක් පවතින බවද උපකුලපතිවරයා මෙහිදි පැවසීය.
මේ සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදිප් ප්‍රේමලාල් සිසුවා මෙසේ පැවසීය.
‘‘අද (03) දින අපි ආචාර්ය සංගමය,විධායක නිලධාරින් සමඟ සාකච්ඡාවක් පැවත්තුවා. ඔවුන් කියන්නේ මෙම ප්‍රශ්නය විසඳන්න තවත් කාලයක් දෙන්න කියලා. සිසුන්ගේ පංති තහනම් කරලා දැන් අවුරුද්දකට වැඩියි. අපි දැන් දිර්ඝ කාලයක් දඬුවම් විඳලා තියෙනවා. අපි ඉල්ලන්නේ අපට මේ සඳහා කඩිනම්, සාධාරණ විසඳුමක් ලබා දෙන්න කියලා. එතෙක් අපි පරිපාලන ගොඩනැගිලේ රැඳී සිටිනවා" යැයි ඔහු පැවසීය.
රජරට විශ්වවිද්‍යලය වසා දමා මේවන විට දින හතක් ගතවි ඇති අතර 200 කට ආසන්න සිසු පිරිසක් පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටිති.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජරට සරසවියේ නව උපකුලපතිවරයා වැඩ බාර ගනී
Dayananda Thursday, 03 January 2019 04:31 PM
ආනන්ද කරුණාරත්න මහත්මය දීර්ඝ පළපුරුද්දක් ඇති මහමයෙක් බැවින් ඔහු ඉතා හොදින් නව උපකුලපතිවරයා ලෙස රජරට සරසවියේ වැඩ කටයුතු හොදින් කිරීමට කටයුතු කරාවී.