(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පරගස්තොට පොල්හිටිදුව නිවසක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක් හා ටී පනස් හයේ උණ්ඩ පහක් සමඟ නිවෙසක හිමිකරුවකු අද (04) අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි.
සැකකරු 31 හැවිරිදි මහියංගන පදිංචිකරුවෙකු බවත්, පරගස්තොට කර්මාන්තශාලවේ පෑස්සුම්කරුවකු ලෙස සේවය කරන්නෙකු බවත් පොලිසිය පවසයි.
ඔහු නවාතැන්ගෙන සිටි වාඩියේ තිබූ බූට් සපත්තු දෙකක් තුළ මෙම ගිනි අවිය හා උණ්ඩ තිබූ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මිල්ලනිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd