බස්නාහිර ඩෙංගු අවදානම ඉහළට බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ අවදානම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය,පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශය පවසයි. 24 December 2018
ගැබිණි සේවිකාවට අතවර කිරීමට ගිය ආයතනයේ ලොක්කෙක් රිමාන්ඩ් පන්නල මාකදුර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි සිව්මස් ගැබිණියට අතවර කිරීම තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එම ආයතනයේ ප්‍රධාන නිළධාරියෙකු මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය. 24 December 2018
ආපදාවෙන් පීඩාවට පත් සිසුන්ට සහන උතුරු පළාතේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් සකසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 24 December 2018
පුද්ගලයකුට පහරදුන් උප පොලිස් පරීක්ෂක, කොස්තාපල්-ගුරුවරයෙක් අත්අඩංගුවට කඩු, පොලු වලින් පුද්ගලයෙකුට බරපතළ ලෙස පහර දී තුවාල කළ සිදු කළ බවට සැක පිට පොලිස් සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ ගුරුවරයකු වන එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු අද (24) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලිසිය කියයි. 24 December 2018
යුද හමුදාවෙන් මුලතිව්හි කැඩීගිය වැව් පිළිසකර කිරීම අරඹයි වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ කැඩීගිය වැව් පිළිසකර කිරීම අද (24) යුද හමුදාව විසින් ආරම්භ කරනු ලැබීය. 24 December 2018
අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට පොළොන්නරුව-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ලං.ග.ම බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී යතුරුපැදියේ පිටුපස ගමන්ගත් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 24 December 2018
ගිනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට කුරුවිට පොලීසිය කුරුවිට ලෙල්ලගොඩ අතුරු මාර්ගයේ බේන්දලූව ප්‍රදේශයේ දී සිදුකළ වාහන සෝදිසියකදී පාරේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ රිපීටරයක්, උණ්ඩ තුනක්, ත්‍රිරෝද රථයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අද (24) අලූයම අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි. 24 December 2018
හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් බාර නොගැනීමෙන් සේවාදායකයින් අසීරුතාවක හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් අංශයෙන් දින කිහිපයක සිට සේවාදායකයින් විසින් දුම්රියෙන් භාණ්ඩ ප්‍රවහනය කිරිම සදහා භාර දෙන කිසිදු භාණ්ඩයක් බාර නොගැනීම හේතුවෙන් සේවාදායකින් දැඩි අසිරුතාවයට පත් වි ඇත. 24 December 2018
ප්‍රමිතියෙන් තොර වෙළඳාම් කළ 30ක් අත්අඩංගුවට මාතර හා වැලිගම නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නිසි ප්‍රමිතියකින් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරමින් වෙළදාමේ නිරත වූ වෙළඳුන් 30දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාතර දිස්ත්‍රික් මිනුම් ප්‍රමිති ඒකකය පවසයි. 24 December 2018
ගංවතුරෙන් උතුරේ පවුල් 18,585 ක් අවතැන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 18,585 කට අයත් පුද්ගලයින් 60,345 දෙනෙකු විපතට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 24 December 2018
දහයියා අතර තේක්ක ලෑලි සඟවා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට මැදිරිගිරියේ සිට කුරුණෑගලට දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක ලෑලි සහ උළුවහු කඳන් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයකු අද(23) සැකපිට අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි. 23 December 2018
කෝටි ගණනින් මුදල් වංචා කළ 3ක් අත්අඩංගුවට කාන්තාවන් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ පුද්ගලයකු, කාන්තාවක ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අද(23) පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය පවසයි. 23 December 2018
‘සේනා‘ දළඹුවා මර්දනයට දහයියා පිලිස්සු අළු වගාවන් රැසකට හානි කරන ’’සේනා’’ දළඹු විශේෂය මර්දනය කිරීම සඳහා දහයියා පිලිස්සු අළු වගාබිම්වලට ඉසීම කළ හැකි බව සොබාදහම් ගොවිපලේ නිර්මාතෘ පරිසරවේදී තිලක් කන්දෙගම මහතා අද (23) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය. 23 December 2018
සායනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීමෙන් සෞඛ්‍ය තර්ජන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රසායනික අපද්‍රව්‍ය රෝහල් භුමිය තුළ නිසි ක්‍රමවේදයකින් තොරව ගොඩගසා තිබිම හේතුවෙන් රෝග බෝ විමේ අවදානමක් මතුව තිබේ. 23 December 2018
අම්පාරේ කසළ ව්‍යාපෘතිය නිසි ලෙස නඩත්තු නොවීමෙන් වන අලි ගම්වදිති අම්පාර නගර සභාව මගින් පවත්වාගෙන යනු ලබන කසළ ව්‍යාපෘතිය නිසි අයුරින් පාලනය නොකිරීම නිසා වන අලි ගම්වැදීමේ තර්ජනයකට මුහුණ දීමට ගම්වාසීන්ට සිදු වී තිබේ. 23 December 2018
පොලිස් වසම් හයක රන්මාල කොල්ල කෑ 3ක් අත්අඩංගුවට යතුරු පැදියක් යොදාගනිමින් පොලිස් වසම් හයක රන්මාල කොල්ල කෑ තිදෙනකු හෙරොයින් මිලිග්‍රෑම් 590ක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 23 December 2018
නාවික හමුදා කිමිදුම්කරුවෝ සියඹලන්කොටුව සොරොව්වේ දෝෂය සකසති මූන්දලම සියඹලන්කොටුව ජලාශයේ සොරොව්වක ඇති වූ දෝෂයක් කඩිනමින් සකස් කර දීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කළ බැවින් අක්කර 500 ක පමණ වන ගොයම බේරා ගැනීමට හැකිවූ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඒ. එම්. ආර්. එම්. එන්. කේ. අලහකොන් මහතා පැවසීය. 23 December 2018
ජීව අත්බෝම්බ සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට තලංගම, තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශවල කළ වැටලීම් දෙකකින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 23 December 2018
පුදුකුඩඉරිප්පු මුත්තියන්කඩ්ඩු වැව් වාන කැඩී යාමෙන් පවුල් 1414 ක් අවතැන් පුදුකුඩඉරිප්පු මුත්තියන්කඩ්ඩු වැවේ වාන කැඩීයාමෙන් ඇති වු ගංවතුර හේතුවෙන් පවුල් 1414 කට අයත් පුද්ගලයින් 4450 දෙනෙකු අවතැන් වී ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 23 December 2018
රාජාංගනය - දැදුරුඔය වාන් දොරටු විවෘත කෙරේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 02 බැගින් ද දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 01 බැගින් ද අද(23) අලුයම විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 23 December 2018
යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු මරුට මාතර - කබුරුගමුව ප්‍රදේශයේ අද අලුයම සිදුවු රිය අනතුරින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි කොටවිල පොලිසිය පවසයි. 23 December 2018
දියර කිරි බවුසරය මාර්ගයෙන් ඉවතට පෙරැළෙයි වේයන්ගොඩ සිට බගවන්තලාව දක්වා දියර කිරි ප්‍රවාහනය කරන බවුසරයක් අද(23) උදෑසන 6.00ට පමණ මාර්ගයෙන් ඉවතට පෙරළී ඇතැයි නොර්වුඩ් පොලිසිය පවසයි. 23 December 2018
හබරණදී සිදු වූ රිය අනතුරකින් 7 ක් රෝහලේ පොළොන්නරුව-හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ දේවාලේ කඩේට ආසන්නයේදී අද (23) අලුයම 2.50 ට පමණ ලංගම බස් රියක් සහ වෑන් රියක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලීසිය කියයි. 23 December 2018
නිධන් හෑරූ පුද්ගලයෙක් අල්ලයි හිඟුරක්ගොඩ ඌණගලාවෙහෙර රාජමහා විහාරස්ථානය ඉදිරිපිට නිවසක (22) පෝය දින පස්වරවේදී බැකෝ යන්ත්‍රයක් යොදාගෙන නිධානයක් ගැනිම සදහා කැණිමි කරමින් සිටියදි නාවික සෙබළෙක් ඇතුඑ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 22 December 2018
ගලබොඩ ඇලේ දිය නෑමට ගිය දෙදෙනෙක් මරුට නාවලපිටිය පොලිස් වසමට අයත් ඉඟුරුඔය මාපකන්ද ප්‍රදේශය හරහා මහවැලි ගඟට ජලය ගලා බසින ප්‍රධාන අතුශාඛාවක් වන ගලබොඩ ඇළේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 22 December 2018
හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග සැකකරුවෙකු කැකණදුර නාකුට්ටියගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 22 December 2018
නීති විරෝධි ගිනිඅවි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට නීති විරෝධි ලෙස මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි. 22 December 2018
මරා දැමු කිඹුලකුගේ හිස කොටසක් කොග්ගල කලපුවෙන් හමුවෙයි ඝාතනය කරන ලද කිඹුලෙකුගේ හිස කොටස අහංගම තිත්තගල්ල ප්‍රදේශයේදී කොග්ගල කලපුවේ පාවෙමින් තිබියදී අද (21) සොයා ගත් බව අහංගම පොලිසිය පවසයි. 21 December 2018
දඩයක්කරු දඩයම දමා පලා යයි වල් ඌරෙකු දඩයම් කර රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මොඩොක්කුව ප්‍රදේශයේ දී දඩයම් කරන ලද වල් ඌරා සහ ඔහු පැමිණි යතුරුපැදියද දමා පළා ගොස් ඇතැයි සුංගාවිල බීට්ටු කාර්යාලය කියයි. 21 December 2018
යක්කලමුල්ල ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්දෙන් සම්මතයි යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා වු අයවැය ලේඛනය අද (21) පැවති ප්‍රාදේශීය සභා මාසික රැස්විමේ දී වැඩි ඡන්ද හයකින් සභා සම්මතවිය. 21 December 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026