ලක්ෂ 35 ක රන්බඩු සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
පානදුර නගරයේ ප්‍රසිද්ධ කෝටිපති වෙළඳ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් දිවා කාලයේ බිඳ රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා රන් පවුම් 55 ක ස්වර්ණාභරණ සහ මුදලින් රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක මුදලක් සොරකම් කළ 31 වියැති ටයිල් පෙදරේරුවෙක් මහනුවර අංකුඹුර ප්‍රදේශයේදී අද (17) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.