(සිරිනිහාල් ගමගේ)
රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නේවාසිකව අධ්‍යයන කටයුතු වල නිරත සිසුවියන්ගේ නේවාසිකාගාර වලට රාත්‍රී කාලයේ හොර රහසේ ඇතුළුවී එම සිසුවියන්ට අයත් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක සොරකම් කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි.
අත්අඩංගුවට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා නියෝග කළේය.
මෙම සැකකරු සොරාගත් රුපියල් 60.000ක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්ද රුපියල් 48.000ක් වටිනා ජංගම දුරකථනයක්ද රුපියල් 90.000ක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර එම භාණ්ඩ හිමි සිසුවියන්ට ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd