’පේතායි’ සුළි කුණාටුව අද පස්වරුවේ ඉන්දියාවට නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ‘පේතායි’ වණ්ඩ සුළි කුණාටුව මේ වන විට මධ්‍යම බටහිර බෙංගාල බොක්ක ප්‍රදේශය දක්වා ගමන් කරමින් දිවයිනෙන් ඉවතට ඇදෙමින් පවතින අතර එය අද (17) සවස් කාලයේදී ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයෙන් ඉන්දියාවට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 December 2018
දඹුල්ලේ එජාප ජය සැමරුම් මැද පහර කෑ පුද්ගලයෙක් රෝහලේ: තවත් පැමිණිලි රැසක් එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීමත් සමඟ දඹුල්ල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් කිහි දෙනකු දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයකදී පුද්ගලයින් පහරදී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි. 17 December 2018
රිය අනතුරකින් ත්‍රි රෝද රථ රියදුරු මරුට වාද්දුව මොල්ලිගොඩ හන්දියේදී අද(17) පෞද්ගලික බස් රථයක් හා ත්‍රි රොද රථයක් මුහුණය මුහුණ ගැටීමෙන් ත්‍රි රෝද රථ රියදුරු මිය ගොස් ඇතැයි වාද්දුව පොලිසිය කියයි. 17 December 2018
යාපනයේ පාසල් ගුරුවරයකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් යාපනය කලඩ්ඩි ප්‍රදේශයේ පිහිටි පාසල් ගුරුවරයකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එලල වී ඇති බවට යාපනය පොලිසිය පවසයි. 17 December 2018
මීනගයා දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්ත සීග්‍රගාමී දුම්රියට හැපීමෙන් අද (17) අලූයම පොළොන්නරුව කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි. 17 December 2018
කුඹුක්- කළුවර දැව ජාවාරමක් වටලයි මැදිරිගිරියේ සිට කොළඹ ප්‍රදේශයට දහයියා රැගෙන යන මුවාවෙන් කරගෙන ගිය කුඹුක් සහ කළුවර ජාවාරමක් අද (17) අලුයම මැදිරිගිරිය පොලිසිය විසින් වටලනු ලැබීය. 17 December 2018
කල්පිටිය ප්‍රාදේශීය ලේකම්ට නොතීසි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂ්න් සභාව විසින්,කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝම තිලක මහතාට,2018.දෙසැම්බර් 20 වන දින පෙරවරු එකොළහට,එම සභාවේ පුත්තලම කාර්යාලයේ පෙනි සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත. 16 December 2018
යතුරුපැදි අනතුරකින් පුජකවරයෙක් මරුට මොරන්තුඩුව ප්‍රදේශයේ දී යතුරුපැදියක ගැටීමෙන් සිදුවු අනතුරින් පුජකවරයෙක් මිය ගිය බව මිල්ලනිය පොලිසිය කියයි. 16 December 2018
කුළු හරකෙක් පහර දී දෙදෙනෙකු රෝහලේ බදුල්ල පස්සර මාර්ගයේ 4 කණුව වේවස්සවත්ත ප්‍රදේශයේ දී කුළු හරකෙකු පහර දී තුවාල ලැබු බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 16 December 2018
ලක්ෂ හතරක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පාකිස්තානයේ නිෂ්පාදිත මිලෙන් අධික දුම්වැටි රාත්‍රී සමාජ ශාලාවලට බෙදා හැරීමේ නිරතවු පුද්ගලයකු රුපියල් ලක්ෂ හතරකට ආසන්න දුම්වැටි 3020 ක් සමඟ අද (16) දෙහිවල කඩවත පාරේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ යතුරුපැදි ඒකකය කියයි. 16 December 2018
මත් ද්‍රව්‍ය සමඟ අයෙක් රත්මලානේදී අත්අඩංගුවට රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසළදී අයිස් මත්ද්‍රව්‍ය සහ මත් කරල් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය පවසයි. 16 December 2018
නිවෙස් කොල්ල කෑ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙවල් බිඳුම් විසිතුනක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 8 ක් බන්ධනාගාර ගතව සිට පැමිණ වසරක් ඇතුළත ගෙවල් බිඳුම් හතක් සිදුකර ලක්ෂ පහක පමණ භාණ්ඩ හා මුදල් සොරා ගත් පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 16 December 2018
උතුරු මුහුද රළු වෙයි :මුහුදු ගමන් නවතී උතුරු මුහුදේ පවතින අයහපත් කාලගුණයත් සමඟ දූපත්හි මුහුදු ගමන් සමපූර්ණයෙන්ම අද (16) උදෑසන වන විට නැවතී අති අතර නාගදීප වන්දනාවන් වෙනුවෙන් සිදු කෙරෙන මුහුදු ගමන්වාර නවතා ඇති අතරම පේදුරුඩුව ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරලී විනාශ වී ඇති බවට යාපනයේ ධීවරයෝ පවසති. 16 December 2018
ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පෝයෙන් ඇරඹෙයි පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬු සහ සුමන සමන් දේව රූප මාර්ග තුනක් ඔස්සේ රිය පෙරහරින් වැඩම කරවා මේ මස 22 වැනි දා උදාවන උඳුවප් පුන් පොහොය දිනයේ අලූයම ශ්‍රී පතුල 16 December 2018
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට හමුදා සෙබලෙක් ලෙස සේවයේ නියුතු 30 හැවිරිදි පුද්ගලයෙක් සන්තකයේ තිබි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 130 ක් අද (16) උදැසන අක්මීමණ කෙසෙල්ගස් හේනේදී සැකපිට අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි. 16 December 2018
වන අලියකු පහර දීමෙන් සිවිල් ආරක්ෂක භටයා මරුට වන අලියෙකු පහර දිමෙන් සිවිල් ආරක්ෂක භටයෙකු මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කියයි. 16 December 2018
අඟුණකොළපැල්සේ ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් අගුණකොළපෑලැස්ස පොලිස් වසමේ බරවකුඹුක, සමනලගම මංසන්ධිය ආසන්නයේ පිහිටි ව්‍යාපාරකයෙකු ගේ නිවසකට අද (16) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසිය පවසයි. 16 December 2018
බැංකු කාඞ්පතකින් මුදල් සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට ඇල්ල නගරයේ රාජ්‍ය බැංකුවක අමතක වීමකින් අස්ථාන ගතවූ ඕස්ට්‍රේලියානු ජාතික විදේශීය කාන්තාවගේ බැංකු කාඞ්පතකින් රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 15 December 2018
නිදන් හාරමින් සිටි සෙබළෙක් ඇතුඑ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ගල්කන්ද ප්‍රදේශයේ පුරා විද්‍යා නටඹුන් සහිත ස්ථානයක නිදන් ගැනිම සඳහා කැණීම් කරමින් සිටියදී යුද හමුදා සෙබළෙක් ඇතුඑ සැකකරුවන් තිදෙනෙකු වනජීවි කාර්යාල නිලධාරින් විසින් කල වැටලිමකදි අත් අඩංගුවට ගත් බව එම නිලධාරින් පවසයි. 15 December 2018
විදුලිසැර වැදී අලියෙකු සහ වල් ඌරෙකු මරුට අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ ගලපිටගල නැගෙනහිර කොටසේදී වල් ඌරන්ට අදින ලද විදුලි රැහැනක පැටලීමෙන් තරුණ අලි පැටවෙකු සහ වල් ඌරෙකු මියගොස් ඇතිබව ගලපිටගල වනජීවී බීට්ටු කාර්යාලය පවසයි. 15 December 2018
උත්සවයක් නරඹමින් සිටි පුද්ගලයෙක් හදිසියේම මරුට දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කෙඩෙට් නිලධාරීන් විසිර යාමේ උත්සවයක් නරඹමින් සිටි පුද්ගලයෙකු අද (15) හදිසියේම මියගොස් ඇතයි දියතලාව පොලීසිය පවසයි. 15 December 2018
හෝටල් කාමරයක පුද්ගල මළ සිරුරක් බදුල්ල මහියංගන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේ හෝටල් කාමරයක තිබූ (නැවැතුම්පලක) පුද්ගල මළ සිරුරක් අද (15) උදෑසන හමුවූ බව බදුල්ල පොලිසිය පවසයි. 15 December 2018
අඩු ආදායම්ලාභි මවකට සහ දියණියකට නිවසක් ගිනිගත්හේන පොලිස් වසමට අයත් කැළණිගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි මවක සහ දියනියකට ගිනිගත්හේන පොලිසිය මගින් ඔහුන් පදිංචිව සිටි තාවකාලික නිවස අසලම අංග සම්පූර්ණ නිවසක් ඉදි කර එම නිවස එම අඩු ආදායම් පවුලට ලබාදිම හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රදානත්වයෙන් අද (15) සිදු කෙරිණ. 15 December 2018
බන්ධනාගාර නිලධාරීන්ට පහරදී පලා යාමට උත්සහ කළ 2ක් අල්ලාගනී බන්ධනාගාර නිලධාරීන්ට බංකුවක කකුලකින් පහරදී අධිකරණ සිරමැදිරියෙන් පලා යාමට උත්සහ කළ රැඳවියන් දෙදෙනකු අද (14) මහත් පරිශ්‍රමයක් යොදා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සහ අධිකරණයේ සිටි පොලිස් සැරයන්වරයා සමත් වී තිබේ. 14 December 2018
රුපියල් කෝටියක් වංචා කළ නාවික සෙබළා අල්ලයි නීති විරෝධී ලෙස රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකර සේවයෙන් පලාගොස් සැඟව සිටි නාවික හමුදා සෙබළකු අද (14) අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි. 14 December 2018
රත්නපුර නගර සභාවේ අයවැය සම්මතයි රත්නපුර මහ නගර සභාවේ 2019 සඳහා වන අයවැය යෝජනාව අද (14) මහ සභා රැස්වීමට නගරාධිපති ටිරෝන් හිරන්ත මහතා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ සභාවට පැමිණ සිටි සභිකයන් 24 දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වාර්ෂික අයවැය සභා සම්මත විය. 14 December 2018
කල්පිටිය ප්‍රා.සභාවේ අය වැය සම්මතයි කල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2019 සඳහා වන අය වැය වැඩි ඡන්ද නවයකින් සම්මත වූ බව කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතා සඳහන් කළේය. 14 December 2018
මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ අයෙකුට මරණ දඬුවම මනුෂ්‍ය ඝාතනයක් කර තවත් පුද්ගලයින් තුන් දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව මත පවරා තිබු නඩුවක් විභාග කළ හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනෙවිය වරදකරු වූ විත්තිකරුට අද (14) මරණ දඬුවම නියම කළාය. 14 December 2018
බස් රථයක ත්‍රීරෝද රථයක් ගැටී දස හැවිරිදි දැරියක් මරුට ඌරුබොක්ක ගින්නලිය පාසල අසලදී අද (14) ත්‍රීරෝද රථයක් සහ බස් රථයක එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් කළ දස හැවිරිදි දැරියක් මියගොස් ඇයගේ මව සහ පියා ඌරුබොක්ක හීගොඩ රෝහලට ඇතුළත් කළ බව ඌරුබොක්ක පොලිසිය පවසයි. 14 December 2018
ගෙල කැපුම් තුවාල ලද තරුණයකු රෝහලට දියතලාව පහළ කදුරුගමුව නිවසකදී අද (14) දහවල් තියුණු ආයුධයකින් ගෙල කැපුම් ලද තරුණයෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතැයි දියතලාව පොලිසිය පවසයි. 14 December 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025