ඩී. කේ. රත්න
දියතලාව පහළ කදුරුගමුව නිවසකදී අද (14) දහවල් තියුණු ආයුධයකින් ගෙල කැපුම් ලද තරුණයෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතැයි දියතලාව පොලිසිය පවසයි.
පුද්ගලයෙකු සමඟ ඇතිවූ බහින් බස්වීමක් හේතුවෙන් එම පුද්ගලයා මෙසේ ගෙල කපා දමා ඇතැයි පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් කදුරුගමුව ප්‍රදේශයේම පදිංචි 24 වියැති පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
දියතලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd